සුන්දර මරගල කඳු වැටියට මුහුණලා මනරම් හරිත වර්ණයෙන් යුත් දැකුම්කලු පරිසරයක් තුළ පිහිටි මො /විද්‍යාලෝක විදුපියස මොණරාගල දිස්ත්‍රික්කය තුළ මොණරාගල අධ්‍යාපන කලාපයට අයත් ප්‍රධාන පාසලකි.මොණරාගල නගරයේ සිට කිලෝමීටර් හයක් පමණ දුරකින් වැදිකුඹුර නම් පෞරාණික සංස්කෘතියකට උරුමකම් කියන ගම්මානයක් තුළ මොණරාගල තෙනගල්ලන්ද මාර්ගයට යාබදව අධ්‍යාපනයට මනා ලෙස ඉවහල් වූ බිම් පෙදෙසක පිහිටීමම දිනෙන් දින පාසලේ දියුණුව මනා ලෙස පෙන්වීමට ඉවහල් වී තිබේ. වසර 110 කට පමණ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අප විද්‍යාලය අවට ගම්මාන රැසකගේ දරුවන්ගේ අධ්‍යාපන මධ්‍යස්ථානය බවට පත්වී ඇත. එදා මෙදා තුර දිනෙන් දින දියුණුවේ දොරටුව අබියසට පැමිණ ඇත්තේ අ.පො.ස උසස් පෙළ සියලුම විෂය ධාරාවන් හැදෑරීමට ඇති එකම ගම්බද ප්‍රදේශයක පිහිටි පාසලක් ලෙසිනි. සියලුම භෞතික හා මානව සම්පත් තුළින් අනූන අප විද්‍යාලය කඩයිම් විභාග පමණක් නොව විෂය සමගාමී ක්‍රියාකාරකම් තුළින් දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පාසලක් බවට පත්වී හමාරය.
“ගුණයෙන් නැණයෙන් දිරියෙන් දැය වෙතැ”
“ ජාතික අධ්‍යාපන අරමුණු ඔස්සේ ප්‍රජානන, ආවේදන හා මනෝචාලක ශක්තීන්ගෙන් පිරි සිසු පරපුරක් තුළින්, සියළු අභියෝග ජය ගත හැකි සැබෑ පුරවැසියන් ලක් මව වෙත තිළිණ කිරීම”