මො/විද්‍යාලෝක මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

ඊ - සඟරාව

9sd.jpg
6sd.jpg
8sd.jpg

ක්‍රි.ව. 1910-1915 අතර කාල වකවානුව වන විට මොනරාගල නම් අති දුෂ්කර දිස්ත්‍රික්කය තුළ පිහිටි ඉතා අතලොස්සක් වූ පාසල් අතරින් මුප්පනේ පාසල නමින් ආරම්භ වූ පාසලකි. එසේ ආරම්භ වූ මෙම විද්‍යාලය පසුකාලීනව  වැදිකුඹුර කනිටු විද්‍යාලය ලෙස වෙනස් වීම පසුව වැදිකුඹුර මහා විද්‍යාලය බවට පත්විය. එසේ ආරම්භ වූ පාසල මෑත දශකය තුළ විද්‍යාලෝක ද්ව්තීක විද්‍යාලය ලෙස නම් කෙරිණි. පසුව වැදිකුඹුර මහා විද්‍යාලය බවට පත්විය. එසේ ආරම්භ වූ පාසල මෑත දශකය තුළ විද්‍යාලෝක ද්විතික විද්‍යාලය ලෙස නම් කෙරිණ.

 

                 ක්‍රි.ව.1914 වර්ශයේදී ආරම්භ වූවා යැයි පාසලේ ලොග් සටහන් වලින් තොරතුරු සනාත වන බැවින් පාසල වසර 110ක පමන ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන පාසලකි. මුල් කාලයේදී ඉලුක් සෙවිලි කළ වහල සහිත ගොඩනැගිල්ල  පමණක් සමන්විත වූ පාසලක් වූ හෙයින් මානන් ඉස්කෝලේ ලෙස හැඳින්වූ බව ඓතිහාසික තොරතුරු වලින් සනාථ වේ. එමෙන්ම සිසුන් 10 පාසලේ මුල්ම විදුහල්පතිවරයා වන්නේ ඩී.එම් බණ්ඩා මහතා වේ.

එසේ ආරම්භ වූ මෙම විද්‍යාලය ක්‍රමයෙන් දියුණුව කරා පා නැගුවේ  2001  වර්ෂයේ හා විද්‍යාලයක් බවට පත්වෙමිනි. එසේ දීර්ඝ කාලයක් පුරාවටම මො/ වැදිකුඹුර විද්‍යාලය පැවත ආ පාසල 2009-11-05 වන දින සිට විද්‍යාලෝක මහා විද්‍යාලයේ ලෙස නම වෙනස් වන අතර  2012 වර්ෂයේ 1AB පාසලක් ලෙසින් නම් කෙරුනි. ව්සේ වන්නේ  අ.පො.ස (උ.පෙල) අංශය විද්‍යා ගණිත විෂය ධාරාවන් පෝෂණය කරමිනි.

පාසලේ දැක්ම කරා යාමට මෙහෙවර අනුව යමින් ජාතික අධ්‍යාපනය අරමුණුවලට ළඟාවීමට අවශ්‍ය මංපෙත් විවර කිරීමට හැකියාව ලැබී ඇත්තේ බොහෝ කැපවීම්වල ප්‍රතිඵලයක් ලෙසිනි. එසේ පමණක් නොව මහින්දෝදය තාක්ෂණීක විද්‍යාගාරයක් සහිත අ.පො.ස (උ.පෙල) තාක්ෂණික විෂය ධාරාවෙන් ද සමන්විත වීම මෙන්ම  සියලූම සම්පත් වලින් සපිරි විද්‍යාලයක් බවට මෙම පාසල පත්වීම පාසල පිහිටි ගම් ප්‍රදේශයේ පමණක් නොව අවට ගම්වල දරුවන් හටද  විද්‍යාලෝක මහා විද්‍යාලයේ මහඟු සම්පතක් බවට පත්වෙමිනි.

ආරම්භ කළ වර්ෂය

1914

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

ඩී.එම්. බණ්ඩා මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මානං පාසල

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

මුප්පනේ

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1914