පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (6-9)
- කොණ්ඩය කොටට කපා පැත්තට පීරීය යුතුය .
- කොණ්ඩයේ ඉහල කොටස අඟල් 1.0 හා පහළ කොටස අඟල් 0.5 භාගයකට අවම විය යුතුය.
- අතේ වාටිය අතට වඩා අඟල් 2 හා ඇඟේ කොටස අඟල් 3ක් සැහැල්ලු විය යුතුය.
- අතේ වාටිය වැලමිටට වඩා අඟල් 2ක් ඉහලින් තිබිය යුතුය.
- බඳ කොටසේ පළමු බොත්තම කොලර් බොත්තමට වඩා අඟල් 2ක් පහළින් තිබිය යුතුය.
- ටයි පටිය අනිවාර්ය වන අතර එය කලිසමේ බඳපටිය දක්වා දික්විය යුතුය.
- කලිසමේ බඳපටිය අඟල් 5 විය යුතුය.
- දණහිසේ සිට අඟල් 2ක් උඩින් කලිසම් කකුලේ පහළ වාටිය පැවතිය යුතුය.
- කලිසමේ රැලි 2ක් පැවතිය යුතු අතර රැලි අතර පරතරය අගල් 2ක් වේ.
- හක් එකේ පටිය සිපරයේ සිට අගල් 2ක් දිගින් පිහිටා තිබිය යුතුය.
- කලිසම් කකුලේ පහළ කොටස කකුලට වඩා අඟල් 3ක් වැඩිපුර තිබිය යුතුය.
- පිටුපස සාක්කු එකකි.
- පාසලට ගැලපෙන කළු සපත්තු හා කළු මේස් පැළඳිය යුතුය.
- මාල ,අත් තොරලෝසු හා අත් පළදනා පැළඳීම සපුරා තහනම් වෙයි.
.

පිරිමි ළමුන් (10-13)
- කොණ්ඩය කොටට කපා පැත්තට පීරීය යුතුය .
- කොණ්ඩයේ ඉහල කොටස අඟල් 1.0 හා පහළ කොටස අඟල් 0.5 භාගයකට අවම විය යුතුය.
- අතේ වාටිය අතට වඩා අඟල් 2 හා ඇඟේ කොටස අඟල් 3ක් සැහැල්ලු විය යුතුය.
- අතේ වාටිය වැලමිටට වඩා අඟල් 2ක් ඉහලින් තිබිය යුතුය.
- බඳ කොටසේ පළමු බොත්තම කොලර් බොත්තමට වඩා අඟල් 2ක් පහළින් තිබිය යුතුය.
- ටයි පටිය අනිවාර්ය වන අතර එය කලිසමේ බඳපටිය දක්වා දික්විය යුතුය.
- කලිසමේ බඳපටිය අඟල් 5 විය යුතුය.
- කලිසමේ රැලි 2ක් පැවතිය යුතු අතර රැලි අතර පරතරය අගල් 2ක් වේ.
- හක් එකේ පටිය සිපරයේ සිට අගල් 2ක් දිගින් පිහිටා තිබිය යුතුය.
- කලිසම් කකුලේ පහළ කොටස කකුලට වඩා අඟල් 5ක් වැඩිපුර තිබිය යුතුය.
- පිටුපස සාක්කු එකකි.
- පාසලට ගැලපෙන කළු සපත්තු හා කළු මේස් පැළඳිය යුතුය.
- මාල ,අත් තොරලෝසු හා අත් පළදනා පැළඳීම සපුරා තහනම් වෙයි.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (6-13)
- කේන්ඩය හරි මැදින් දෙකට බෙදා කොන්ඩ දෙකක් බැඳ පහළ කොලවර කළු රිබන් පටියකින් බැදිය යුතුය.
- කොණ්ඩය කැපූ ගැහැණු ළමයි කොණ්ඩය බෙල්ල මැද දක්වා පමණක් දික්විය යුතු අතර අවශ්‍ය නම් පමණක් කොණඩ කටු දෙකක් ගැසිය යුතුය.
- වැලමිටේ සීමාව බඳපටියේ සීමාව වේ.
- ගවුමේ පහළ වාටියේ පළල අඟල් 2ක් විය යුතු අතර එය ධනහිසට පහළින් තිබිය යුතුය.
- ගවුමේ රැල්ලක පළල අඟල් 1.5 විය යුතුය.
- අතේ දිග උරහිසේ සිට අඟල් 6ක් පහළට තිබිය යුතුය.
- අත් කට අතට වඩා අඟල් 1.5ක් වැඩිපුර තිබිය යුතුය.
- අත්වාටියේ පළල අඟල් .75ක් විය යුතුය.
- සාක්කු භාවිතය සපුරා තහනම්ය.
- පාසලට ගැලපෙන සුදු සපත්තු හා සුදු මේස් පැළඳිය යුතුය.
- මාල ,අත් තොරලෝසු හා අත් පළදනා පැළඳීම සපුරා තහනම් වෙයි.