සුජාත විරුවන් නයුවන් බිහි කළ
ඌව දනව් සෙවනේ...
මනරම් කඳු හිස සිසිල් නිම්න ඉම
ඉසුරින් වැජඹෙමිනේ
විද්‍යාවේ ගන තිමිරය සිඳ බිඳ
අප සිත් පොබ කර වූ
අභීත ගමනක පෙරඹර හොබවන
දිනිඳු නුඹයි මවුනී
විද්‍යාලෝකේ... මවුනී සැරදේ....//
විද්‍යාලෝකේ... මවුනී වොරැඳේ....//
සිප් කිරි අප වෙත සෙනෙහෙන් පොවමින්
නැණ ගුණ වඩවමිනේ
පැහැසර ලොවකදි කිතුගොස නැඟුමට
අප හට දිරි දෙමිනේ...
දිනකදි දිය දද නැඟුමට දරු කැ,ළ
නිතියෙන් සුරැකිමිනේ
අප හද රිද්මය නුඹමය නුඹමය
ගරු පාසල් මවුනී
චිරං ජයතු ජයතු - චිරං ජයතු ජයතු
චිරං ජයතු ජයතු
විද්‍යාලෝකේ... මවුනී සැරදේ....//
විද්‍යාලෝකේ... මවුනී වොරැඳේ....//







