- සිසුන් උදෑසන 7.15 වන විට පාසලට පැමිණිය යුතුවේ.
- සිසුන් පාසලට පැමිණිමට ප්‍රමාද වන්නේ නම් දෙමාපියන් උදැසන 7.30 ට පෙර පන්තිභාර ගුරුතුමා/තුමිය දැනුවත් කළ යුතුය.
- අසනීප තත්ත්වයක් හේතුවෙන් සිසුවා දින 3ක් හෝ ඊට වැඩියෙන් පාසලට නොපැමිණෙන්නේ නම් නැවත පාසලට පැමිණෙන විට වෛද්‍ය සහතිකයක් රැගෙන ඒම විභාග සඳහා පෙනී සිටීමට අවශ්‍ය 80% පැමිණීම සනාථ කිරීමට සාධාරණයක් වෙයි.
- යම් හේතුවක් නිසා සිසුවා පාසලට නොවිණෙන්නේ නම් නොපැමිණීමට හේතුව ලිඛිතව පන්තිභාර ගුරුවරයා වෙත දැන්විය යුතුය.
- පාසල් නොපැමිණීම නිසා අතපසු වූ පාසල් වැඩ සම්පූර්ණ කර ගැනීම අනිවාර්යෙන්ම සිසුවාගේ හා දෙමව්පියන්ගේ වගකීම වෙයි.
- අධ්‍යාපන කටයුතු සඳහා පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා පාසල විවෘතව පවතින අතර අමතර ඉගැන්වීම් සිදුකරන්නේ නම් ඒ බව දෙමව්පියන් දැනුවත් කරනු ලැබේ සියලුම සිසුන් අධ්‍යයන කාලය තුළ පාසල තුළ රැඳී සිටීම අනිවාර්යය වේ.
- පන්ති පැවැත්වෙන වේලාවල් තුළ ගුරුතුමිය / තුමාගේ අවසරයක් නොමැතිව පංතියෙන් පිටවීම වෙනත් පන්තිවලට ගොස් සංවාදයේදීම, පාසල් භූමියේ තැනින් තැන ඇවිදීම ආදියෙන් වැළකී පාසල් කාලයෙන් උපරිම ඵල නෙලා ගත යුතුය.
- පාසල් නිල ඇඳුම පිරිසිදුව හා පාසල් නීතිවලට අනුකූලව තිබිය යුතුය.
- පෙ.ව 7.30 පෙර ජාතික ගීය වාදනය සිදුකරන අවස්ථාවලදී තමා සිටින ස්ථානය නිසි ගෞරවය සහිතව රැඳී සිටිය යුතුය.
- ජාතික ගීය වාදනයෙන් අනතුරුව පෝලිමට නියමිත රැස්වීම් භූමියට ආගමික කටයුතු සඳහා ගමන් කළ යුතුය.
- රැස්වීමට සහභාගී වන සියලු දෙනා තම ආගමික වතාවත් සිදුකිරීම අනිවාර්ය වේ.
- සිසුන් නියපොතු කොටට කපා පිරිසුදුව තිබිය යුතුය.
- සිසුන් හට පාසලෙන් ලබාදෙන සියලුම ගෙදර වැඩ නිවසේදී සම්පූර්ණය කරවීම දෙමව්පියන්ගේ වගකිම වේ.
- වාර විභාග ජාතික විභාග ප්‍රතිඵල වෙනස් කිරීම විනය දඬුවම් නියම කළ හැකි රදක් වේ.
- පාසලේ සියලූම සම්පත් ආරක්‍ෂා කරගැනීම සියලූම සිසුන්ගේ වගකීමක් වෙයි.
- තමාගේ පංතියක් විදුහල් භූමියත් පිරිසිදුව හා අලංකාරව තබා ගැනීම සියලූම සිසුන්ගේ වගකීමක් වේ.
- යම් හෙයකින් කිසිවෙකු විසින් පාසල් දේපළවලට හානියා සිදුකළහොත් එය පිළිසකර කර දීම හෝ අලාභ ගෙවීම සිසුන්ගේ දෙමව්පියන් විසින් සිදුකළ යුතුය.
- සියලූම සිසුන් ගරු ස්වාමීන් වහන්සේ ගුරුභාවතුන් හා පරිපාලන නිලධාරීන්ට කීකරුවීම ආසනවලින් නැගිටීම ගෞරවයෙන් ඇසුරු කිරීම අනිවාර්ය වේ .
- සියලූම සිසුන් පාසලේ ශිෂ්‍ය නායකයින්ට ගරු කළ යුතු අතර පාසලේ විනය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට සහයෝගය දැක්විය යුතුවේ.
- සියලූම සිසුන් ගුරුවරුන්ගේ අධීක්ෂණයෙන් තොරව විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර, සෞන්දර්ය කාමර හෝ පාසලේ හුදෙකලා ස්ථානවල රැඳී සිටීම සම්පූර්ණයෙන් තහනම් වෙයි.
- පාසල තුළදීත් පාසලෙන් පිටදීත්, රථවාහනයක් ආදියේ ගමන් ගන්නා විටදීත්, මග තොටේදීත්තිමත් විනීතව හැසිරීම සහ පාසලේ ගෞරවයෙන් රැකෙන අයුරින් කටයුතු කිරීම සියලූම සිසුන්ගේ වගකීමක් වෙයි .
- අනවශ්‍ය පරිදි පාසලට මුදල් ගෙන ඒම සියලූම සිසුන්ට තහනම් වේ. එලෙස රැගෙන එන මුදල් අස්ථානගතවීම පිළිබඳව කිසිදු වගකීමක් පාසල විසින් දරනුු නොලැබ
- අධ්‍යයන කටයුතුවලට බාහිර කිසිදු ගීත වීඩියෝ, පරිගණක ක්‍රීඩා ,ජංගම දුරකථන හෝ වෙනත් උපාංග රැගෙන ඒම තහනම් වෙයි.
- කිසිදු ආකාරයක මත්පෙති මත්ද්‍රව්‍යයක් අසභ්‍ය වීඩියෝ සහ පත්‍රිකා ළඟ තබා භාවිතය හෝ හුවමාරු කර ගැනීමට පෙර අවවාදයකින් තොරව පාසලෙන් ඉවත් කිරීමට සිදුවේ .
- සිසුන් අතර ගැටුම් ප්‍රශ්න පළමුව පන්තිභාර ගුරුතුමා තුමිය වෙත දැන්විය යුතුය.
- සහෝදර සිසුන්ව ශාරීරික හෝ මානසිකව හිංසා වලට ලක් කිරීම සම්පූර්ණයෙන් තහනම් වෙයි.
- ඉහත සඳහන් විනය නීති රීතිවලට අමතරව පන්සිල් පද පහට අයත් සියලූම කායික හා මානසික ක්‍රියා දිනි හිමියෙන් ආරක්ෂා කිරීමටත් ඒ සඳහා අයත් සියලු සිසුන් හට සහාය ලබා දීමත් සියලූම සිසුන්ගේ වගකීමක් වෙයි.
- සැම විටම ප්‍රිය වචන පමණක් කතා කළ යුතුවේ.







