නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
කොටියාගල මහින්ද හිමි
ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති අප විද්‍යාලෝක ද්විතීක පාසල ඉතා කීර්තිමත් පාසලකි.නාගරික පරිසරයෙන් පරිබාහිරව ග්‍රාමීය පරිසරයේ සුන්දරත්වය අත්විඳිමින් ද්විතීක පාසලක් දක්වා ආ ගමනේ දී අප පාසල විෂයානුබද්ධ විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ කොට්ඨාස, කලාප, පළාත් මෙන්ම සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ අත් කරගෙන ඇත. විශාල ශිෂ්‍ය පිරිසක් මේ වන විට අප පාසලෙන් විශ්ව විද්‍යාල, විද්‍යාපිට මෙන්ම විවිධ උසස් අධ්‍යාපන ආයතන කරා යොමු කරලීමට අප විද්‍යාලය සමත්ව ඇත.
වෙනස් වෙමින් පවතින නූතන අධ්‍යාපනයේ දී තාක්ෂණය යොදා ගැනීම ප්‍රමුඛ කාර්යයක් වී ඇති බව අප දනිමුු. හෙට ලොව ජයගන්නා දරු පරපුරක් නිර්මාණය කිරීම අපගේ ප්‍රධාන ඉලක්කයකිි. ඒ සඳහා විශ්වීය තොරතුරු ගවේෂණය මෙන්ම විවිධ වූ සම්පත් දායකයින් ආයතන සමඟ කටයුතු කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ කටයුතු කිරීම සාධනීය නිර්මාණයකි. ඒ නිසා මෙයට දායකවූ සැම දෙනාටම සුභාසින්සන ගෙන එන අතර මෙතුලින් පාසලේත් දරුවන්ගේත් හෙට දවස ආලෝකමත් වේවායි ප්‍රාර්ථනා කරමි.
කොටියාගල මහින්ද හිමි
නියෝජ්‍ය විදුහල්පති
මො/විද්‍යාලෝක මහ විද්‍යාලය .







