- ශිෂ්‍යයන් ජන කවි ගායනා කිරීම තුළින් දරුවන් තුළ ඇති බය සබකෝලය ආදී අඩුවී යාම.
- පිරිසක් ඉදිරියේ නොපැකිලිව කතා කිරීමට ඇති හැකියාව වර්ධනය වීම.
- නව යෞවනයාට ජීවිතයේ අභියෝගයන්ට මනාව මුල් දීමට හැකිවන්නේ ජන සාහිත්‍යයෙන් මනාව මුහුකුරා දීමට හැකිවන්නේ ද ජන සාහිත්‍ය තුළිනි.
- තාක්ෂණය හා විද්‍යාව අතින් ලෝකය කෙතරම් සංවර්ධනය වූවත්ම පුද්ගලයාගේ ජීවිතයේ සාර්ථකත්වයට ජන සාහිත්‍ය ඉතා වැදගත්ය.
- රස වින්දන හැකියාව වර්ධනය කර ගැනීමට හැකිවීම.
- පසිදුරන් පිනවීමට හා ඊට අනුබද්ධ සහජ ආශා දැඩිලෙස කයට හා මනසට ආරෝපණය කරගන්න වර්තමාන සමාජය ඉන් මුදවා ගැනීමට ජන කවියාට හැකියාවක් ඇත.
- කථන ශ්‍රවන කුසලතා වර්ධනය වීම.
- ජන කවි පෙළක් තාලාන්විතව ශබ්ද නගා කීමට හුරුවීමෙන් ඇසීමෙන් එහෙත් නැත්නම් ඒවා තුළින් ජනිත වන විවිධ අරුත් හා යොදන බස් වහර ගැන විවේකීය ස්මරණය කිරීමෙන් ගුරුවරයෝත් පාසල් ශිෂ්යයෝත්යම් සැනසීමක්ම වින්දනයක් හා ප්‍රගතියක් ලබා ගැනීම ජන කවිය තුළින් ලබන මහත් ප්රතිලාභයකි.
- සිංහල භාෂා පිළිබඳ හැකියාව වර්ධනය විම.








