මො/විද්‍යාලෝක මහා විද්‍යාලය

ඊ - සඟරාව

9sd.jpg
6sd.jpg
8sd.jpg
 බෞද්ධ සංගමය

බෞද්ධ සංගමය

නූතන තාක්ෂණික ක්‍රමවේද හා ජනසන්නිවේදන මාධ්‍යයන් සමඟ නිරන්තරයෙන් යාවීම නිසා දරුවා තුළ සාරධර්ම හා යහපත් ආකල්ප ගිලිහෙමින් පවතීීී. මාධ්‍ය සාක්ෂරතාවයට හරයක් ලබා දෙමින් ආගමික සාහිත්‍ය හා සදාචාරය දරුවා තුළ පෝෂණ කිරීම ඉමහත් ගැටලුවකි. නමුදු විද්‍යාලෝක පාසල් මාවතේ  පහස විඳින දරුවන් තුළ යහපත් ආකල්ප හා සදාචාරයන් නිර්මාණය කිරීම උදෙසා පාසල් බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා යොමු කිරීමට විශාල උනන්දුවක් දක්වයි.එහිදී බෞද්ධ හා ආගමික සංගමය මගින් මාසිකව පසළොස්වක පොහොය නිමිති කොට ගෙන විවිධ ආගමික වැඩසටහන් හා වෙසක්, පොසොන්, ඇසළ ආදී සුවිශේෂී පෝය දිනයන් ඉලක්ක කර ගනිමින් වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය ශ්‍රමදාන, සීල භාවනා වැඩසටහන් භක්ති ගීත වැඩසටහන් පවත්වමින් ද විනයානුකූලව දරුවෙකු සමාජගත කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම ද සිදුකරනු ලබයි.