නවීන ලෝකය තුළ ප්‍රධාන අරමුණක් මෙන්ම අවශ්‍යතාවයක් බවට පත් වී තිබෙන්නේ අධ්‍යාපනය ලබන සිසුන්ට නිපුණතාවලින් පිරිපුන් වැඩ ලෝකයට ගැලපෙන සාමාජිකයෙකු හැඩ ගැන්වීමයි. එවන් පසුබිමක් තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය එවැනි අත්‍යවශ්‍යම අංගයක් බවට පත්වී හමාරය. AI තාක්ෂණය තුළින් වැඩ ලෝකයට සරිලන දරුවෙකු නිර්මාණය කිරීමේ අරමුණින් විද්‍යාලෝක පාසල තුළ තාක්ෂණය සමඟ ඉදිරියට යාමේ අරමුණින් ඊට අවශ්‍ය මංපෙත් විවර කිරීමට ඉඩහසර සකසා තිබේ. ඊට හොඳම නිදර්ශකය වන්නේ තොරතුරු හා සන්නිවේදන සංගමයයි. මේ සංගමය තුළින් දරුවා තුළ කුසලතා වර්ධනය කර ගනිමින් නිර්මාණශීලී පුද්ගලයකු ලෙස තාක්ෂණයත් සමඟ ගනුදෙනු කිරීමට ඔවුන්ට හැකියාව ඇති කිරීමට කටයුතු කරනු ලබයි. පාසල තුළ දරුවන්ට පමණක් නොව අවට පාසල් තුළ දරුවන්ට ද AI තාක්ෂණය භාවිත කරමින් නව ලෝකයට පිවිසීමට අවස්ථාව සැලසීමට හැකිවීම අප ලද භාග්‍යයකි. ඒ අනුව අප පාසලේ තොරතුරු හා සන්නිවේදන සංගමය පාසලට සීමා නොවී අවට පාසල් වලටද අවස්ථාව ලබා දීමට කටයුතු කරනු ලබයි.
භාර ගුරුවරයා
| L.P.I.P.පතිරණ |
| A.M.C.හංසනී |
කළමනාකරණ මණ්ඩලය
| M.R.සිහින අනුහස් - සභාපති |
| R.M. හිමාෂා කාවින්දි - ලේකම් |
| L.A. මියුරංග සුලෝචන - සංස්කාරක |
| S.P. ලක්ෂිමාල් කවිශ්ක - භාණ්ඩාගාරික |









