මො/විද්‍යාලෝක මහා විද්‍යාලය

ඊ - සඟරාව

9sd.jpg
6sd.jpg
8sd.jpg
 මාධ්‍ය ඒකකය

මාධ්‍ය ඒකකය

පාසලේ දෛනික කටයුතු සඳහා සුවිශේෂී මෙහෙයක් දක්වන පාසල් මාධ්‍ය ඒකකය උදෑසන හයයි පනහ වන විට දිනයට නියමිත වැඩසටහන් අරඹයි. සතියේ දින පහ සඳහා පිළිවෙළින් අරුණැල්ලේ සමනල් හඩ, වෙස් මුහුණ, පොත් රාක්කය, ගුරු තරුව ලෙසින් සිදුකෙරෙන සංවාදාත්මක වැඩසටහන් ඔස්සේ පාසල් ප්‍රජාවගේ ආකල්ප සහ නිර්මාණාත්මක හැකියාවන් සංවර්ධනයට පිටුවහලක් වනු ඇත. උදෑසන සිදුකෙරෙන සංවාදාත්මක වැඩසටහන්වලට අමතරව පාසලේ දෛනික කටයුතු වන ආගමික වතාවත් සිදුකිරීම, කාල පරිච්ඡේදය සිහි ගැන්වීම සහ විශේෂ නිවේදන දැනුම් දීමද මෙහිදී සිදුවනු ඇත. වර්තමානයේ පවතින තාක්ෂණික වටපිටාව සමඟ නිර්මාණාත්මක කුසලතා ඔප් නංවමින් යහපත් ආකල්පවලින් පිරි සිසු පරපුරක් බිහි කිරීමට සහ මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියෙන් පෝෂණය මාධ්‍යවේදී සිසු කණ්ඩායමක් බිහි කිරීමේ අරමුණු පෙරදැරි කොටගෙන මාධ්‍යය ඒකකයේ වැඩ කටයුතු සිදු කෙරෙනු ඇත.